Powered by Blogger.

Sunday, January 1, 2017

Tag:

Magicblocks.io හඳුන්වාදීම

Internet of things කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් පලවෙනි පාඩමෙන් අදහසක් ලැබෙන්න ඇති. දැන් අපි බලමු මොකක්ද magicblocks.io කියන්නෙ කියලා. ඕනෙම IoT system එකක් සැලකුවාම ප්‍රධාන කොටස් තුනක් හදුනාගන්න පුළුවන්.
  • Hardware - මෙහිදී sensors, actuators වගේම processing units සලකන්න පුළුවන් (Eg: Tempreture sensor , Motor )
  • Commiuncation Medium – IoT device එකක් බොහෝ විට internet එකට සම්බන්ධව තිබුනද එය අනිවාර්ය කරුණක් වන්නේ නැහැ. Bluetooth , Zigbee වැනි ක්‍රම වලින්ද IoT devices සම්බන්ද වී තිබිය හැකිය.කෙසේ නමුත් IoT device එකක් කුමන හෝ අයුරකින් network එකක් හා සම්බන්ධව පැවතිය යුතුය.
    • WiFi
    • GSM
    • LAN
    • Bluetooth
    • Zigbee
  • Cloud Platform - ඉහත සදහන් කරන ලද Hardware , Commiuncation Medium එකක් උපයෝගී කරගනිමින් සම්බන්ද වන්නේ Cloud Platform එකක් සමගින් වේ. Hardware device එකිනෙක connect කරමින් දත්ත හුවමාරු කිරීමටත්, දත්ත ගබඩා කිරීමටත්, සංකීර්ණ processing (Machine learning ,Image Processing, Big data analyzing) Cloud Platform එක අවශ්‍ය වේ.

IoT සංකල්පය සරල වුවද ඉහත සදහන් කල අයුරින් විෂය ක්ෂේත්‍ර කිහිපයක දැනුම අවශ්‍ය වීමත් Hardware, Commiuncation Medium හා Cloud Platforms රාශියක් පැවතීමත් නිසා ආධුනිකයෙකුට එක් වර මෙම ක්ෂේත්‍රය පිවිසීම අපහසු වී තිබේ. magicblocks.io යනු ආධුනිකයන්ට වගේම ප්‍රවිණයන්ටත් ඉතා පහසුවෙන් IoT නිර්මාණ කල හැකි සම්පුර්ණ පද්ධතියකි.

Magicblocks.io යනු කුමක්ද?


  • Hardware
    • Development boards
    • sensors & actuators
  • Cloud Platform
    • Drag and drop editor
    • Dashboards to visualize
    • Data storage
    • API services
magicblocks.io නිර්මාණය කර තිබෙන්නේ ආධුනිකයෙකුට ඉතා ඉක්මනින් ඉගෙනීමටත් ප්‍රවිණයන් හට උපරිම නම්‍යශීලි ලෙස නිර්මාණයන් කළහැකි වන පරිදිය.

Magicblocks Hardware

IoT Kits

IoT නිෂ්පාදනයන් පහත කොටස් වලින් සමන්විත වෙනවා
    • WiFi, GSM connected controller modules 
    • IoT accessory modules
    • Sensor kits
magicblocks.io වලට අලුතෙන්ම එක්වුනු මෙම උපාංග magicblocks.io  Cloud Platform සමඟ පහසුවෙන්ම සම්බන්ද කල හැකි අයුරින් නිමවා තිබෙනවා.

Multi architecture development boards

electronics හා emebedded systems සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනයට හා නිර්මාණයන් සදහා නිමවා ඇති මෙම boards මගින් ඔබට විශාල පරාසයක් අත්හදා බැලීම් සිදුකල හැකිවේ.
  • Motherboard with a large set of peripherals and I/O ports 
  • Atmel (Arduino compatible), Microchip based microcontroller plugin cards to learn embedded system development 
  • Communication daughter cards and shields (WiFi, GSM) to learn network communications and how to interact with the cloud

Robotics development kits

  • Differential Drive Robot
    • Supports both MagicBlocks & Arduino
    • Can perform line following, obstacle detection, Maze solving & etc.
  • Advanced Development Platform
    • Baseboard comprised of robotic specific peripherals such as high current motor drivers
    • Supports both Atmel & Microchip microcontrollers
    • Can be programmed via both Magicblocks & Arduino IDE

Magicblocks Cloud Platform


Magicblocks playground මගින් පහත දේවල් ඉතා පහසුවෙන් කල හැකිය.
  • Internet තුලින් Digital Inputs/ Outputs control කිරීම
  • දුරස්ථ ස්ථානයක ඇති සංවේදක මගින් දත්ත ලබා ගැනීම
  • Hardware modules කිහිපයක් අතර දත්ත හුවමාරු කිරීම
  • Twitter/ Email යැවීම හා ලබාගැනීම
  • දත්ත ගබඩා කිරීම
  • HTTP/TCP/MQTT protocol හරහා දත්ත හුවමාරු කිරීම
  • ජංගම දුරකතනය හා දත්ත හුවමාරු කිරීම
මිට අමතරව තවත් බොහෝ දේ කල හැකි අතර ඉදිරි පාඩම් වලින් ඒ පිළිබදව සාකච්චා කරනු ලැබේ.
Magicblocks dashboards මගින් දත්ත ප්‍රස්තාර, සිතියම් හා තවත් බොහෝ ආකාර මගින් නිරූපණය කල හැකිය.