Powered by Blogger.

Wednesday, December 14, 2016

Internet of Things ගැන දැනගනිමු

internet-of-things.jpg (428×310)

IoT එහෙමත් නැත්නම් Internet of Things දැන් නිතරම ඇහෙන වචනයක්  වෙලා තියෙනවා. Google Search ranking list එකෙත් IoT ගැන හොයපු රටවල් අතරින් ලංකාවට නව වෙනි තැන ලැබිල තියනවා. ඉතින් මොකක්ද මේ IoT කියන්නෙ කියලා සරලව පැහැදිලි කරන්නයි මේ උත්සාහය.
Internet of Things  කියන්නෙ එකිනෙකට interconnect වෙලා තියන devices network එකකට.

මොනවද මේ devices?

Smart phone එකේ සිට network එකකට connect වෙලා තියන ඕනෙම device එකක් වෙන්න පුළුවන්. Tempreture sensor එකක් switch එකක් වගේ සරල දෙයක් වගේම car එකක් building එකක් විතරක් නෙමෙයි city එකක් උනත් internet of things වලට ගන්න පුළුවන්. Smart කියන වචනය එන ගොඩක් ඒවා internet of things concept එක බාවිතා කරනවා. උදාහරණ විදියට Smart phone, Smart meters ,Smart house , Smart city සලකන්න පුළුවන්.

ඇයි Internet of Things මෙතරම් වැදගත්?

ඔයගොල්ලො දන්නවා පහුගිය ශතවර්ෂයේ ලෝකය තාක්ෂණික වශයෙන් ඉතා වේගවත් දියුණුවක් ලැබුවා. එහිදී information & communication technology (ICT) වලින් ලැබුන දායකත්වය ඉතා විශාලයි. ICT වල ඊලඟ විප්ලයවය වන්නේ IoT හෙවත් Internet of Things වේ. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සෑම සමාගමක්ම වගේ IoT තාක්ෂණය වැඩිදියුණු කරන්න විශාල වශයෙන් ආයෝජන හා පර්යේෂණ සිදුකරනවා.

මොනවද Internet of Things වලින් කරන්න පුළුවන්?

සරලම පිළිතුර වන්නේ මොනවද Internet of Things  කරන්න බැරි යන්නයි. තාක්ෂණිකව ඔබට සිතිය හැකි බොහෝ දේ Internet of Things  වලින් කරන්න පුළුවන්. මේ වීඩියෝ වලින් අදහසක් ගන්න පුළුවන් මොනවද කරනන් පුළුවන් කියලා.





අපිට තියන ප්‍රයෝජනය මොකක්ද?

රටක් විදියට හිතුවොත් අපිට දියුණුව කරා යන්න තියන හොදම ක්‍රමයක් තමයි Internet of Things වලට අදාළ උපාංග නිර්මාණය කර අපනයනය කිරීම. හේතු කිහිපයක් තියනවා;
  • නිර්මාණයක් සදහා විශාල ප්‍රාග්දනයක් අවශය නොවීම
  • සරල සංකල්පයක් මගින් ඉතා වටිනා නිර්මාණයක් බිහිවිමට ඇති හැකියාව

මොකක්ද මේ magicblocks කියන්නේ?

අපේම රටේ නිර්මාණයක්. Internet of Things  ඉගෙනගන්න අයට එහෙමත් නැත්නම් සංකල්පයක් ඉතා ඉක්මනින් නිර්මාණය සදහා යොදා ගත හැකි platform එකක් තමයි magicblocks කියන්නෙ. අපේ English blog එකේ දැනට lessons 15 විතර තියනවා.magicblocks වලින් කරපු projects ටිකකුත් තියෙනවා. ඉතා ඉක්මනින් සිංහල පාඩම් ටිකත් අපි මේ blog එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් එක්ක එකතු වෙන්න blog එක follow කරන්න.
Sign Up : http://magicblocks.io/
Like Us : https://www.facebook.com/magicblocks.io
Join Us : https://www.facebook.com/groups/590170064525249/
Subscribe Youtube : https://www.youtube.com/channel/UC0m0K8ZkA0gOEOlAljd2ghQ
English Blog : http://blog.magicblocks.io/